Hollywood & Bollywood
Trending

අම්මායි තාත්තායි වෙන් වුණාම සතුටක් දැනුනා – සාරා අලිඛාන්




සාමාන්‍යයෙන් දෙමාපියන්ගේ වෙන් වීමකදී දරුවන්ට ගෙනදෙන්නේ වේදනාවක්. ඒත් සාරා අලිඛාන් නම් ඇයගේ දෙමාපියන්ගේ වෙන්වීම වේදනාවක් ලෙස දකින්නේ නැහැ. සයිෆ් අලිඛාන් ගේ සහ අම්රිතා සිංගේ වෙන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ දියණිය වන සාරා අලිඛාන් සුබවාදීව බලනවා.

ඇත්තටම මගේ අම්මායි තාත්තායි දෙන්නා වෙන වෙනම ගත් විට සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒත් එක ගෙදර ඉන්න කාලේ දෙන්නාම ජීවත් වුණේ නොසන්සුන් මානසිකත්වයෙන්. ඒ දෙන්නා වෙන් වන්න තීරණය කරන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඔ්නේ. මම ඒ ගැන ඉතාම සතුටු වෙනවා. දැන් දෙන්නාම සතුටින් සිටිනවා. මටත් එක ගෙදරක් වෙනුවට ගෙවල් දෙකක්ම තියෙනවා.

සාරා අලිඛාන් සිය දෙමාපියන්ගේ වෙන්වීම දකින්නේ ඒ තරම් සුබවාදීව. සායිෆ් අලිඛාන් අම්රිතාගෙන් වෙන් වෙලා කරීනා කපූර්ව කසාද බැන්දා කියලා ඔයාලා දන්නවානේ. සාරාට දැන් වයස අවුරුදු 23යි. ඇගේ දෙමාපියන් වෙන් වන්නේ අයට වයස අවුරුදු 9දී. කුඩා කාලයේ දෙමාපියන්ගේ විරසකය නිසා ඇය මානසිකව පීඩාවට පත් වෙනවා. කේදර්නාත් සහ සිම්බා යන චිත්‍රපට ද්විත්වය නිසා සාරා, බොලිවුඩ් ලෝකයේ අවධානය දිනාගන්නවා. ඇය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ නීතිය හා දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක් ද වනවා.

පසුගිය දවසක කොෆි විත් කරන් වැඩසටහනේදී කරන් ජෝහාර් ඇගෙන් විමසා සිටියේ පෙම් සබඳතාවක් ඇති කරගන්න කැමැති නම් ඒ කා සමඟද කියලා. එහිදී සාරා නොපැකිලවම කියා තිබුණේ කාර්තික් ආර්යන් සමඟ පෙම් සබඳතාවක් ඇති කරගන්න කැමැතියි කියලා. මේ ප්‍රකාශය සැලවූ වහා කාර්තික් පවසා තිබුණේ සාරා කියන්නේ ඉතාම ලස්සන වගේම හොඳ කෙනෙක් කියලයි. ඒ වගේම ඔහු සාරා ගේ පියා වන සායිෆ්ට ද ගෞරව කරන බව පවසා තිබුණා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close