Daily News
Trending

අම්මාගේ රෝස පාට හීනය නිල්පාට කරමින් පොලිස් ජීප් එකෙන් ගිහින් මෙලොවට ආපු හේමාල්..




ඈ ආයුර්වේද වෛද්‍යවරියක වූවාය. දරුවන් වෙනුවෙන් සිය වෛද්‍ය වෘත්තිය අත් හල මවක වූවාය. කොල්ලන්ම සිව් දෙනකුගේ වගකීමත් පවුලේ කටයුතුත් උපේක්ෂාවෙන් ඉවසූ උත්සාහවන්ත භාර්යාවක වූවාය.

88-89 භීෂණය පැවැති සමයේ ඇය තුන්වැනි වතාවට මෙළොව එළිය දකින සිඟිත්තිය වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටියාය. රෝස පාට ඇඳුම් ආයිත්තම්ද රැගෙන ඈ දරු ප්‍රසූතියට රෝහල් ගත වන්නේ ද පොලිස් ජිප් රථයකිනි. එදවස වාතාවරණය එතරම්ම බියමුසු එකක් විය. එවරත් ලස්සනම ලස්සන දියණියක අපේක්ෂාවෙන් සිටි ඒ අම්මා අත තැබුණේ රෝසමලක් වන් පුතු පැටියෙක්ය. තුන්වැනි පිරිමි දරුවාටත් උත්පත්තිය දුන් වෛද්‍යවරයා සිඟිත්තා ඈ අත තබමින්, මේ කොල්ලන් තිදෙනාම මතු දිනක ලස්සන දියණිවරු තිදෙනකු නිවසට කැන්දන් එනු ඇති බව සිහිපත් කළේය. හේමාල්ට පසුවද ඒ අම්මා තවත් පුතකු වැදුවාය. පවුලේ සිව්වැනියා වූ ඔහු හේමාල්ගේ මල්ලී විය.

හේමාල් රණසිංහ නම් වූ ජනප්‍රිය සිනමා තරුවගේ උත්පත්ති කතාව ඔහුගේ අම්මා හෙළි කරන්නේ එලෙසය.

පොඩි කාලයේ පටන් හේමාල් හරිම දඩබ්බර කොල්ලෙකු බව ඈ පවසන්නීය. අනාගතයේ දිනක ජනප්‍රිය තරුවක් වේ යැයි නොසිතුවද හේමාල් පාසල් වයසේ සිටම නළු නිළියන්ගේ පින්තූර එකතු කර ඇත.

කුඩා හේමාල් සැරවැර කරනවාට හරිම අකමැති බවත් ඔහුගේ මව පවසන්නීය. හොර බොරු නැති අවංක චරිතයක් වූ හේමාල් කුඩා කාලයේ පටන් අම්මා සමඟ සමීපව ගණුදෙනු කර ඇත. අයියලා මල්ලිලා පොඩිකමට කරන දඟ වැඩ පවා අම්මාට හෙළි කරන තරමට හේමාල් අවංක කොල්ලෙකි. අදටත් එය එලෙසමය.

කවදා හෝ දිනෙක හේමාල්, ඔහුගේ රැකියාව තේරුම් ගත් ආගමට දහමට ලැදි දියණියක නිවසට කැන්දාගෙන එනු ඇතැයි ඈ අපේක්ෂා කරන්නීය.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close