
Amal Perera Exclusive from Starfriends.lk
දැන් මාස දෙක තුනකට ඉස්සර වෙලා ඩුබායි වල ඉඳන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට එක එක විදියේ news ගලාගෙන ආවා. එක news එකක, එකක් කියද්දී අනිත් channel එකේ යන news එකේ යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ channel දෙකේම news ඒ විදිහටම යනකොට ලංකාවේ පත්තර වල යන්නෙ තවත් දේවල්. ඒවා තමයි media. මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා හිතන්න ගත්තෙ ඒක තමයි ලංකාවේ මීඩියාවල හැටි කියලා. ඉතින් අපි කතාව පටන් ගත්තේ ඩුබායි වලින්නේ. ඩුබායිවලින් මේ විදියට news ගලාගෙන ආවේ වැඩියෙන්ම මධුෂ් අල්ලගත්තට පස්සේ. ඒත් ලංකාවේ මිනිස්සුන්ට වැඩියෙන්ම දැනගන්න ඕන වෙලා තිබ්බේ තමන් දන්න මිනිස්සුන්ට මොකද උනේ, ඒගොල්ලන්ට මොනවද වෙන්නේ, ඉස්සරහට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ මොන විදියටද, එයාලට ලංකාවට එන්න පුලුවන්ද වගේ දේවල්.
Special විදියට මේ හැමෝම බලන් හිටියේ අමල් පෙරේරා ගැන ආරංචියක් එනකන්, අමල් පෙරේරගේ ගෙදර අයට, යාළුවන්ට, නෑයන්ට, විතරක් නෙවෙයි තමන් ආදරය කරන හැමෝටම වගේ ඒක හිසරදයක් වුණා. ඒ වුණත් ටික දවසකින් සමහර මීඩියාවලින් කියපු කරපු ගොඩක් දේවල් බොරැ කරලා අමල් පෙරේරා ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලත් එයාර්පෝට් එකේදී මීඩියා සෙට් එක හෙමින් හෙමින් අමල්ට ලං කරද්දි අමල් කිව්වේ “සෑහෙන්න නිදිමරලා ආවේ මීඩියා වලට කතා කරන්නම් ” කියලා.
කොහොම වුනත් එහෙම කියලත් ලංකාවට ආපු අමල් තවම නම් නම් මීඩියාවලට කතා කරේ නැහැ. අමල්ට කතා කරාම කියනවා කියන්නේ එයා නිහඬ නෑ හොඳින් ඉන්නවා කියලා. මීඩියාවලට පස්සේ කතා කරන්නම් කියලලු කියන්නේ. හැබැයි ඉතින් එහෙම වුණා, එහෙම කිව්වට ඒ කියන ටෝන් එක නම් ටිකක් වෙනස්ලු. කොහොම වුනත් අමල් හිතනවා ඇත්තේ මේ වෙලාවෙදි නම් media ඕනෙම නෑ කියලා වෙන්නත් ඇති.
Amal Perera Exclusive from Starfriends.lk