Daily News
Trending

අමන්දා කැන්ඩියන් ඇන්ඳේ එයා කියපු නිසාලු..




නිලුක්ශි අමන්දා කියන්නේ ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න දක්ශම සහ ජනප්‍රිය නිරූපිකාවක්. මාස කිහිපයකට පෙර විවාහ ගිවිස ගත්ත ඇය පසුගියදා හොර රහසේම විවාහ වෙලා කියලා තමයි ආරංචි.

ජනප්‍රිය අය බහුතරයක් අඬබෙර ගහලා මඟුල් ගනිද්දී අමන්දා බොහෝම නිහඬව ඇගේ විවාහය අරගෙන තිබුණා. ඇය එදා සැරසිලා තිබුණේ උඩරට ක්‍රමයට. ඒ වගේම බොහොම චාම් විදියට. මේකට හේතුව විදියට ඇය කියලා තිබුණේ, ඇගේ රැකියාව නිසා විවිධ විසිතුරු විවාහ ඇඳුම් අඳින්න වුණාලු. ඉතින් ඇගේ දෙමාපියන් කීවාලු තමන්ගේම විවාහ දිනයේ බොහොම චාම් විදියට සැරසෙන්න කියලා. ධනංජය බන්ඩාර තමයි අමන්වදා හැඩගන්වලා තිබුණේ.

ඒ වගේම අමන්දා ඇගේ විවාහ දිනයේදී උඩරට විදියට සැරසෙන්න තීරණය කලේ කැලුම් විජේසූරිය නිසාලු. ඔහු දිනක් කීවලූ අමන්දා කැන්ඩියන් එකට හරිම ලස්සනයි කියලා. මේ නිසාලු ඒ ඇඳුම තෝරගත්තේ. අමන්දා විවාහයෙන් පස්සේ ඇමරිකාවේ පදිංචියට යන්නලු ඉන්නේ ඇගේ සැමියා සමගම. සැමියගෙන් තහනමක් නැති නිසා නිරුපණයේ දිගටම නිරත වෙන්න බලාපොරොත්තු වෙනවලු. මොකද නිරූපණය කියන්නේ අමන්දා ගොඩක් ආදරය කරන ක්ෂේත්‍රයලු. ඇමරිකාවේ නවතින්න ගියත් ලංකාවට එනවා කියලා තමයි අමන්දා කියලා තිබුණේ මේ නිසා. කොහොම වුණත් අලුතින් පටන් ගන්න අමන්දාගේ ජීවිතයට අපිත් සුබ පතන්න අමතක කරන්නේ නැහැ.

Tags
Show More
Close