
උදය ශ්‍රිගේ බිරිය වින්ඩි, උදය ශ්‍රී සම්බන්ධයෙන් සුවිශේෂී හෙළිදරව්වක් කරනවා.
වින්ඩි සහ උදය අතර ඇතිවූ ප්‍රේම සම්බන්ධයට නිවෙස්වලින් ආශිර්වාදය ලැබිලා නැහැ. ඒ නිසා මේ දෙන්නා 2016 දි හොර රහසේම විවාහය ගිවිසගන්නවා. ඒ කතාව විවාහයෙනුත් ගොඩක් කාලෙකට පස්සේ තමයි ගෙවල් වලින් දැනගෙන තියෙන්නෙ.
උදයට බොරු කිව්වම හරියට තරහා යනවා. ඇත්ත කියනවට තමයි කැමති. ඒ වගේම උදය දැන් වින්ඩිට වඩා වෙන කෙනෙක්ට ආදරය කරනවා. ඒ තමයි මේ දෙන්නගේ ආදරණීය පුතා.
ඉස්සර වගේම තාමත් උදයට කාන්තා ආකර්ෂණය නම් අඩුපාඩුවක් නැතිව ලැබෙනවා කියලත් වින්ඩි කියනවා. නිතරම ලස්සනට අඳින පළඳින උදය හුඟක්ම කැමැති කොන්ඩා විලාසිතා වෙනස් කරන්නලු. ඉතිං ගැලපෙන පාවහන් පැළඳගෙන කොන්ඩ විලාසිතා එක්ක ගමන් බිමන් යන්න උදය හුඟක් ආසයි ලු.
උදය ගැන අපි කවුරුවත් නොදන්න දෙයක් වින්ඩි කියනවා. ඒ තමයි උදය කියන්නෙ ධර්මයට ඉතාම ලැදි කෙනෙක් කියන කාරණාව. උදය ගෙදර ඉන්න වෙලාවට බෞද්ධ නාලිකා බලනවලු. බණ අහන එකට උදය හුඟක් ආසයි. කවුරුහරි උදයට ගිෆ්ට් එකක් දෙනවා නම් ඒක ධර්ම ග්‍රන්ථයක්, බණ සීඩී එකක් වෙනවට තමයිලු උදය ආසම ආස.
මොනතරම් කාර්‍යබහුල වුණත් බුදුන් වැඳලා නින්දට යෑම වගේම පාන්දරින් අවදිවෙලා බුදුන් වැඳීමත් උදයගේ අනිවාර්‍ය පුරුද්දක්. ඒ වගේම උදය භාවනාව පුරුදු කරන කෙනෙක්.
උදය ගැන මේ විස්තර අපිට කියන්නෙ ඔහුගෙ ආදරණීය බිරිය වින්ඩි.