Daily News
Trending

අපි සතුටින් වෙන් වුණා. – දසුන් මධුශාන්




දසුන් මධුශාන් සුපර්ස්ටාර් කිරුළ දිනාගනිද්දී ඔහු තමයි ඒ තරම් මුල්‍ය වටිනාකමක් හිමිකරගත්ත ලාබාලතමයා.

ඊට පස්සේ ඔහු වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසත් කටයුතු කළා. දසුන් ආවට ගියාට නිර්මාණ කරන්නෙකු නොවී ඉතාම අවබෝධයෙන් ඔහුගේ සංගීත චාරිකාව යනවා. ඒ ගමන අතරමග ඉතාම සුන්දර විරහ ගීයක් නිර්මාණය වුණා. ඒ තමයි දසුන්ගේ අලුත්ම ගීතය.

ප්‍රේමනීය විප්‍රයෝගයක් ගැන කියවෙන මේ ගීතය “ආදරේ පවසලා” යන නමින් නම් කරනවා.

ආදරේ පවසලා ගීතයේ මෙලඩි එක සහ සංගීතය කසුන් වික්‍රමසිංහගේ. කසුන් වික්‍රමසිංහ සමඟ දුමින්ද අලහේන්ද්‍ර මෙහි පද රචනා කරනවා. ඩ්‍රම්ස්, ලීඩ් ගිටාර්, එකෝස්ටික් ගිටාර්, පියානෝ, බේස් ගිටාර් ඇතුළු වාද්‍ය භාණ්ඩ රැසක් මෙහි මියුරු සංගීතය නිපදවනවා.

ආදරේ පවසලා ගීතයට මියුසික් වීඩියෝව නිර්මාණය කරන්නෙ ස්ටුඩියෝ 27. ගඟන ප්‍රතාප් එම වීඩියෝව අධ්‍යක්ෂණය කරනවා. සඳනි ප්‍රනාන්දු සමඟ දසුන් මධුෂාන් එහි රංඟනයෙන් පෙනී සිටිනවා.

අපි මේ කිව්වේ දසුන්ගේ අලුත්ම සින්දුව ගැන විස්තර ටිකක්. ආදරය සම්බන්ධයෙන් ඉතාම සුන්දර මතකයන් ගොඩක් දසුන්ට තියෙනවා. දසුන් ඒ අතරින් ඔහුගේ ෆස්ට් ලව් එක පිළිබඳ මතකය අවදි කළේ මේ විදියට.

” ප්‍රථම ආදරය විවාහයකින් ඵල දරන්නේ 80%ක් තරම් ප්‍රතිශතයකින්නේ. මටත් පළමු ප්‍රේමයක් තිබුණා. ඇය මට හමුවන්නේ කලා ක්ෂේත්‍රයෙන්. නමුත් ඒක දන්නේ නැතිවම බිඳිලා ගියා. ඒත් ඒ සුන්දර මතකයන් මගේ ළඟ තවමත් තියෙනවා.

එකිනෙකා කතා කරලා සතුටින් වෙන් වුණ නිසා ප්‍රථම ප්‍රේමයෙන් විරහා වේදනාවක් ඇති නොවුණ බවත් දසුන් කියනවා.

දසුන් මධුශාන් කවදාවත් ෆීල්ඩ් එකේ කෙනෙක් සමඟ විවාහ වෙන්නේ නැහැලු. තමන් ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් දසුන්ට අනාගතයේදී මුණගැසෙයි කියලත් ඔහු කියනවා.

Tags
Show More
Close