
මේ දවස්වල තුත්තිරි කියන නාට්‍යයෙන් පබෝදා අපිට මුණ ගැහෙන්නේ වෙනත් ග්‍රහලෝකයක ජීවියෙක් විදියට. ඒ චරිතය ඇය හරි අපූරුවට කරනවා. දෙබස් උච්චාරණය පවා හරිම වෙනස්. ඉතිං මේ පිටසක්වල ජීවියාගේ ඇත්ත ජීවිතේ අලුත් තොරතුරු කියන්නයි අපි හදන්නේ.
පබෝදාට දැන් හිතෙනවාලු තමන් අපරාදේ නිකරුනේ කාලය ගත කළාද කියලා. හොඳ වැඩ කීපයක් කළත් තව හුඟක් වැඩ අතහැරිය නිසයි ඇයට එහෙම හිතෙන්නේ. කොහොමටත් පබෝදා ගොඩක් වැඩ බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඇය බිසී චරිතයක් නෙමෙයි.
අම්මා කෙනෙක් වුණාට පස්සෙ පබෝදා ගොඩක් දුරට කාර්යබහුලත්වයෙන් මිදුණා. ඒ කිව්වෙ වැඩ භාරගෙන ඕනවට වඩා බිසී වෙන්න ගියෙ නැහැ. පබෝදාට ඕන වුණේ දරුවා වෙනුවෙන් කාලය වැය කරන්න. පුතාට දැන් අවුරුදු 5යි. තුන්දෙනත් එක්ක එන විදියකට ජීවිතයට මුහුණ දෙනවා කියලා තමයි පබෝදා කියන්නෙ.
පබෝදා ජීවත් වෙන්නේ සරල සාමාන්‍ය කෙනෙක් විදියටයි කියලත් ඇය කියනවා. කවදා හරි තමන්ගේ පුතාත් හොඳ මිනිහෙක් වෙනවා දකින එක තමයි ඒ අම්මගෙත් ලොකුම සතුට වෙන්නේ.