
මේ කියන්නෙ එක දවසක් වෙච්ච සිද්ධියක්. කොටිසනා කියන චිත්‍රපටයේ රූගතකිරීම් තිබිලා තියෙනවා නුවරඑළිය පැත්තෙ. දන්නවනෙ ඉතිං, නුවරඑළිය කිව්වම කූඩැල්ලන්ගෙන් අඩුපාඩුවක් නැහැ. අනූෂා දමයන්ති යකාටවත් බය නැති වුණාට කූඩැල්ලන්ට පරාණ බයයි. අනුෂාට එදා රූගතකිරීම් තිබුණේ ජීවන් කුමාරතුංග එක්ක. ඉතිං එක දර්ශනයක් තිබිලා තියෙනවා අනූෂා ඈත ඉඳලා දුවගෙන ඇවිත් ජීවන්ගේ පපුවට ඔළුව තියාගෙන තුරුළු වෙන්න ඕනෙලු. මේක කරන්න ඒ හැටි අමාරු රංඟනයක් නෙමෙයිනෙ. ඒත් අනූෂා දුවගෙන ඇවිත් ජීවන්ගේ ඇඟේ එල්ලිලා ඉස්සි ඉස්සි එයාගේ කකුල දිහා බලනවාලු. මොකද අනූෂට බයයි දුවගෙන එන ඩිංගට කකුලේ කූඩැල්ලෙක් එල්ලුනාද කියලා. අන්තිමේ කොහොම හරි පණ බයේ ගැහි ගැහි සීන් එකත් ගත්තාලු. අනූෂාගේ කූඩලු භීතිය තමයි ඒ.