
Anusha Damayanthi Exclusive from Starfriends.lk
මේ දවස් වල රටේ තියෙන නොසන්සුන් වාතාවරණය නිසා දාගත්ත වැඩත් එහෙන් මෙහෙන් මිස්වෙලා යන්නෙ හිතන්නත් බැරි විදිහට. අන්න ඒක නිසා කොයි කවුරුත් හැමදේටම සූදානම් ශරීරෙන් ඉන්න ඕන කියලා තමයි කතාබහ කරන හැමෝම කියන්නේ. අපි දැන් මේ කතා කරන්න යන්නේ අනූෂා ගැන. ඒ කිව්වේ අනුෂා දමයන්ති ගැන. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සිද්ධවෙන්නේ පුංචි පුංචි ඩ්‍රාමා වලට සම්බන්ධ වෙලා කලාවට එන අය ඊට පස්සේ හෙමින් හෙමින් ෆිල්ම් වලට එන එකයි. හැබැයි අනුෂාගේ සිද්ධ වුණේ එහෙම දෙයක් නෙමෙයි. අනූෂා මුලින්ම කලාවට සම්බන්ධ වුණේ 1999 අවුරුද්දේ චෙරියෝ ඩාලිං චිත්‍රපටය ඩාන්ස් එකකින් සම්බන්ධ වෙන්න ඇවිල්ලා.
ඒ ආව ගමනත් ලේසි නෑ. එදා ඉඳන් අනුෂා වැඩිපුරම දකින්න හම්බවෙන්නේ ෆිල්ම් වලින්. මේ නිසාමද කොහෙද 2001දී නැගී එන සිනමා නිළිය විදිහට සම්මානයක් දිනා ගත්ත අනූෂා 2004 දී සරසවි සම්මාන දිනා ගන්නට සමත් වුණා. අනූෂා නම් ඒ ගැන කියන්නෙ ඉතින් ඒක එයාගේ වාසනාව කියලා.
කොහොම වුණත් මේ දවස් වල ඩාන්සින් පැත්තෙන් දෙයක් කරන්න බැරි වුනත් රාවණා ටෙලි නාට්‍යයේ ෂූටිං වලට අනූෂා සම්බන්ධ වෙනවා. ඉතින් මේ කියන්න හදන්නේ අනූෂා ගැන වෙනම සිද්ධියක්..
අනූෂා විවාහ වෙන්න තීරණය කළේ ව්‍යාපාරිකයෙක් එක්ක. මේ දැන හැඳුනුම්කමට අවුරුදු දහයක් විතර වෙනවා කියලා තමයි එයා කියන්නේ. විවාහය පවත්වන්න සැලසුම් කරලා තිබුණේ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ මේ මාසෙ23 වෙනිදා.. මේ නිසා අනූෂා හිතවතුන්ට, මිත්‍රයන්ට සහ ක්ෂේත්‍රයේ ගොඩක් අයට ආරාධනා පත්‍ර එහෙම බෙදලා තිබුණෙ. ඒත් සිද්ධ වුනේ වෙන දෙයක්. අනූෂා හිතුව විදියට මේ විවාහය සිද්ධවෙලා නෑ. කවුරු වුණත් හිතෙන දේවල් සිද්ධ වෙන්නේ නෑනේ. අනුෂාටත් ඒක ඒ විදියටම සිද්ධවුණා. අනූෂාගේ වෙඩින් එක නතර වුණා. නෑ.. නෑ.. නතර වුණා නෙමෙයි ඒක කල් ගියා. ඒක සිද්ධ වෙලා තියෙන්නේ දෙපැත්තෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට. මේකට පෙම්වතාගේ අම්මා තාත්තා දෙන්නත් කැමතිවෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුවක් තියෙන්නත් ඕනනේ. ඒ ගැන හොයලා බලද්දි තමයි අපිට හරියටම හේතුව හොයාගන්න පුළුවන් වුනේ.
කොටින්ම කියනවනම් අනුෂාගේ වෙඩින් එක කල් යන්න වුණ එකම හේතුව තමයි කවුරුවත් හිතුවේ නැති විදියට අප්‍රෙල් 21 සිද්ධවුණු ත්‍රස්ත ප්‍රහාරය . විශාල පිරිසකගේ ජීවිත අහිමිවී යාමත් තවත් පිරිසක් තුවාල ලැබීමත් හින්දා මේ දෙන්නම ඒකමතිකව තීරණය කරා ජීවිතේ සුන්දරම දවස කල්දාන්න. ආයෙමත් හරිහමන් විදියට දින නැතිවුනත් ජුලි මාසෙත් සැප්තැම්බර් මාසෙත් දින තියෙනවා කියලා. තමයි අනුෂා කියන්නේ. මේ අනූෂගෙ වෙඩින් එක කල් ගිය තුන්වැනි පාර.
Anusha Damayanthi Exclusive from Starfriends.lk