Daily News
Trending

අනුහස්ගේ හිත ගත්ත සුරූපී තරුණිය කවුද?

Raween Kanishka




Raween Kanishka Girlfriend Exclusive from Starfiends.lk

මේ දිනවල අතිශය ජනප්‍රිය දෙවෙනි ඉනිම (Deweni Inima) මෙගා නාට්‍යයේ අනුහස්ගේ චරිතයත් ඒ තරමටම ජනප්‍රියයි. අනුහස් සමල්කා අප්‍රකාශිත ප්‍රේමයත් ඒ තරමටම ජනප්‍රියයි. යාළුවෝ කියලා කිව්වට ඒ දෙන්නාගේ හිත්වල ආදර සම්බන්ධයක හැඟීම් තිබුණ බව නාට්‍යය නැරඹූ අය දන්නවා. නමුත් නොහිතපු සිදුවීමක් එක්ක දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිතයක් වූ සමල්කාගේ චරිතය ඉවත් වෙනවා. ඒ කියන්නේ සමල්කා පැවිදි බිමට පා තබනවා. ඊට පස්සේ අනුහස්ගේ හිත ලිහිණි ළඟ නතර වෙයි කියලා තමයි හුඟක් අය හිතුවේ. ඒත් ඒක එහෙම වුණේ නැහැ.

හිටි හැටියේම දෙවෙනි ඉනිමට පුන් සඳක් පෑව්වා වගේ සහේලි නංගි මතුවෙනවා. සහේලි කියන්නේ ලිහිණිගේ ලොකු අප්පාගේ දුව. අනුහස්ට මේ හමුවීම හරියට නිකම් අකුණක් ගැහුවා වගේ. සමල්කා වගේම සුන්දර තරුණියක් එක පාරට දෙවෙනි ඉනිමට එකතු වුණාම ඒ කවුද කියලා හොයලා බලන්න හිතෙනවානේ. ඒකයි අපි මේ ගැන කියන්න හිතුවේ.

සහේලි නංගි විදියට ඇක්ට් කරන්නේ දෙරණ අවුරුදු කුමරිය තරඟයකින් ජයග්‍රහණය ලැබූ අවුරුදු කුමාරියක්. ඇය NSBM අවුරුදු තරගයේත් ජයග්‍රාහිකාව බවට පත් වනවා. ඒ 2018 වර්ෂයේදී. ඊටත් පස්සේ තමයි සහේලි නංගි හෙවත් එමාෂා හන්සි (Emasha Hansi) කරලියට එන්නේ.

සහේලිගේ එක බැල්මකින්ම පිච්චිලා යන අනුහස් ඉස්සරහට ඇයත් එක්ක මොන වගේ අඩව්වක් අල්ලාවිද කියලා පිටපත් රචකයාම තමයි දන්නේ. හැබැයි දැනටමත් සහේලිට විශාල රසික ප්‍රතිචාරයක් ලැබෙනවා.

ලංකාවේ විකාශය වන ජනප්‍රියම ටෙලි නාට්‍යයකට හා හා පුරා කියලා සම්බන්ධ වෙන්න ලැබීම සහේලිගේ භාග්‍යයක්. ඇය මේ ෆීල්ඩ් එකෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වනවා නම් අපි ඊට සුබපතනවා.

ළඟදීම දවසක සහේලි නංගි උසස්පෙළ හදාරන්න ටවුමේ ඉස්කෝලෙකට එනවා කියලත් ආරංචියි. කොහොම වුණත් අනුහස් අයියත් ඉන්න නිසා මොනවැයින් මොනවා වෙලා නතරවෙයිද කියලා නම් කියන්න බැහැ. සමන් එදිරිමුනි දෙවෙනි ඉනිම පිටපත ලියද්දි මේ හමුවීමටත් ආදරය මුහු කරාවි කියලා බොහෝ දෙනෙක් අපේක්ෂා කරනවා. කොහොම වුණත් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.

Raween Kanishka Girlfriend Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close