Daily News
Trending

අනුෂ්ක පොඩි කාලේ ඉඳන්ම සනී දන්නවලු..




වස්ති කියපු ගමන්ම දැන් ගොඩක් තරුණ අයට මතක් වෙන්නේ වරින් වර වීඩියෝ නිර්මාණය කරලා යූ ටියුබ් වගේම ෆේස් බුක් සමාජ මාධ්‍යය ඇතුළේ කතා බහට ලක්වෙන කණ්ඩායමක්. ඉතින් මේ වස්ති කණ්ඩායමේ අනුෂ්කව අලුතෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැ. ඒ තරම්ම ඔහු ජනප්‍රියයි.

අනුෂ්කව අල්ලගෙන මේ ලගදී දවසක කෙනෙක් ප්‍රශ්ණ ටිකක් අහලා තිබුණා. ලිස්සලා ඇඟ බේරගෙන යන්න පුළුවන් විදියට උත්තර දෙන්න පුළුවන්කම තිබුණත් ඔහු ඇත්තම උත්තර දීලා තිබුණා කියලා හිතෙන්නේ ඔහු දීපු උත්තර ටික බලනකොට. ඒ තරමටම අනුෂ්ක හරි විවෘත කෙනෙක්. මඟහරින්නේ නැතුව, බොරු කරන්නේ නැතුව ඔහු කතා කරලා තිබුණා.

දවසක අනුෂ්කට අවස්ථාවක් ලැබුණොත් දීපිකාගෙනුත්, සෝනම් සහ සනී ලියෝන්ගෙනුත් කියන තුන්දෙනාගෙන් එක් කෙනෙක් තෝරගෙන ඩේ අවුට් එකකට යන්න ඔහු තෝර ගන්නේ සනී ලියෝන්ලු. ඒකට හේතු විදියට ඔහු කියලා තිබුණේ ඔහු සනීව පොඩි කාලේ ඉඳන්ම දන්නවා කියලා. දන්නේ කොහොමද කියලා නම් අපි දන්නේ නැහැ ඔන්න. සමහර ජනප්‍රිය අය බොරු මවාපෑම් කරලා ජීවත් වෙන අතරේ අනුෂ්ක සැබෑ ලෝකේ පොළොවේ පය ගහලා බොරුවෙන් ජීවත් නොවෙන කෙනෙක් කියලා මේ කතාවෙන්ම ඔප්පු කරලා තියෙනවා.

ඒ වගේම අනුෂ්ක තවත් අපූරු කතාවක් කියලා තිබුණා. ඒ තමයි ඔහු ඉස්සෙල්ලාම හම්බ කලේ රුපියල් එක්දහස් පන්සීයක්ලු. ඒ ගිටාර් එකක් ප්ලේ කරලා කියලා තමයි කියලා තිබුණේ. පරණ ජීවිතේ අනුෂ්ක අමතක කරලා තිබුණේ නැහැ.

Tags
Show More
Close