Daily NewsGossipsHollywood & Bollywood
Trending

අනුෂ්කාට එහෙම එකක් නෑලු.. – Anushka sharma




කව්රුත් දන්න කතාව තමයි අනුෂ්කා ශර්මා cricket world cup තිබුණාු පහුගිය මාසෙක කාලයක් තිස්සෙම හිටියෙ film වල ෂූටින් වල⁣ට සම්බන්ධ වෙවී ඉන්දියාවේ නම් නෙවෙයි. එයා හිටියේ ලන්ඩන් වල. ඒකට වැඩියෙන්ම හේතුව වෙලා තිබ්බේ cricket world cup එක ඉන්දියාවට ගේනවා කියලා ෆුල් ෂුවර් එකක් හැම ඉන්දියන් ජාතිකයකුගේම ඔළුවේ තිබුණා. ඒත් ඉතින් ඇත්ත කතාව අවසානෙට භයානකම කතාවක් වෙලා හැමදේම පැක් කරගෙන හිස් අතින්ම කට්ටියටම ගෙදර එන්න සිද්ද වුණා. කොහොම හරි ඉතින් අන්තිමට අනුෂ්කා කෝලිත් එක්ක දැඩි ආරක්ෂාව යටතේ ඉන්දියාවට ආවා. එ්ත් ඉතින් ආවා කියලා අනුෂ්කාට නම් නිකන් ඉන්න හම්බවුනේ නෑ. එයාට ටෙලි සීරිස් එකකටත් සෙට් වෙන්න චාන්ස් එක ලැබුනා. එ්ක තමා අනුෂ්කාට එයාගෙ ජොබ් එක පැත්තෙන් දැනගන්න ලැබුණු අලුත්ම කතාව. ඒක එහෙම උනාට අනුෂ්කා ගැන ඊලඟට තව news එකක් හැම තැනම පැතිරිලා යන්න පටන් ගත්තා. ඒක තමයි එයාට බබෙක් හමිබවෙන්න ඉන්නවාය කියලා. ඒක නම් ඉතින් මොකක්ද. කසාදයක් කරගත්තට පස්සෙ බබෙක් ලැබෙනවා කියන්නේ මහලොකු මැජික් එකක් නෙවෙයිනේ. ඒත් ඉතින් gossip වලට නම් ඔන්න ඕවා තමයි News. එ්වාවල නම් කියලා තිබ්බෙ අනුෂ්කා දැන් දැන් ඇඳුම් අඳින්නේ අරමයි, මෙහෙමයි කියලා. ඔන්න ඔය හැමෝටම ඉතින් අනුෂ්කා නම් උත්තර දීලා තිබුණෙ මෙන්න මෙහෙමයි.

එහෙම උත්තර දීලා තිබුනෙත් නිකම්ම වගේ නෙවෙයි. ෆිල්ම් ෆෙයාර් සඟරාවෙන්. අනුෂ්කා කියලා තියෙන විදියට නම් marry කරාට පස්සෙ ඕන කෙනෙක්ගේ බලාපොරොත්තුවක් වෙන්නේ දරුවෙක් හදාගන්න එකලු. අනිත් අයට වගේම එයාටත් ඒ බලාපොරොත්තුව ඒ විදියටම තියෙනවාලු. හැබැයි ඉතින් දැන් එයා ගැන කතාවෙන දේවල් වලනම් කිසිම ඇත්තක් නෑලු. එයාට මේ වෙනකොට දරුවෙක් ලැබෙන්නත් නෑලු. එහෙම තත්වෙක ඉන්නවා නම් එයා ඒක ප්‍රසිද්ධියේ කියනවා කියලා තමයි අනුෂ්කා නම් කියන්නේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close