
පසුගිය දවසක මුළු බොලිවුඩයම සුපිරි තරු එකතුවෙලා නටලා ගයලා සතුටු වුන තැනක් තමයි අනිල් කපූර්ගේ දියණිය ඒ කියන්නේ සෝනම් කපූර්ගේ විවාහය දවස. දින කිහිපයක් පුරාවටම ජයටම මේ මඟුල ගත්තා කියලා මුළු ලෝකයක්ම දන්නවනේ.
ඉතින් තමන්ගේ පවුලට එකතු වුන අලුත් සාමාජිකයා ඒ කියන්නේ අනිල්ගේ බෑනා ගැන හරි අපූරු කතාවක් කියලා තිබුණා. ඒ තමයි ආනන්ද් අහුජා කියන්නේ අනිල්ගේ බෑනට වඩා එයාගේ පුතා වගේ කියලා. ඒ වගේම තවත් වෙලාවකට ආනන්ද් ළඟම යාළුවෙක් වගේලු.ඕනම දෙයක් කියලා හිත නිදහස් කරගන්න පුලුවන් කෙනෙක්ලු. ආනන්ද එක්ක ඉන්න හැම මොහොතක්ම විනෝදෙන් ගෙවන්න පුළුවන් කියලා තමයි අනිල් කියලා තිබුණේ.
බෑනා ගැන එහෙම කියද්දි පළවෙනි පාරට අනිල් කපූර් සහ සෝනම් කපූර් තාත්තා සහ දියණිය ලෙස රංගනයෙන් එකතු වෙන සිනමා පටයක වැඩ භාර අරගෙනලු තියෙන්නේ. ඒ නිසා තවත් සතුටෙන් ඉන්නවා කියලා තමයි ආරංචි.