Hollywood & Bollywood
Trending

අනිල් කපූර්ගේ උරහිසේ ආබාධය සෝනම් කපූර්ට බලපාන හැටි.




අනිල් කපූර් කියන්නේ 90 දශකයේ බොලිවුඩ්වල හිටපු සිහින කුමාරයා. අනිල් සහ ශ්‍රීදේවී සුසංයෝගයට පුදුමාකාර ආකර්ශනයක් නිර්මාණය වෙලා තිබුණා.

අනිල් කපූර්ලා සෙල්ලම් දාපු බොලිවුඩයේ දැන් ඔවුන්ගේ දූ දරුවන් සෙල්ලම් කරනවා. ඒත් අනිල් කපූර්ලා වෙනුවෙන් තිබුණ ආකර්ශනය තවමත් එහෙම්මම තියෙනවා. කාලය ගතවන ඉක්මන. අනිල් කපූර්ගේ දියනිය සෝනම් කපූර් දැන් විවාහකයි. පසුගිය වසරේ එම විවාහය ඉතාම උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.

ඒක නෙමෙයි දැන් මේ කියන්න යන්නේ. අපිට වයස යනවා කියලා තේරෙන්න නම් ලෙඩක් දුකක් හැදෙන්නම ඕනේ. අනිල් කපූර් තමන්ගේ පෙනුම වයසට යන්න නොදී රැක ගත්තත් ලෙඩ දුක්වලින් මිදෙන්න බැහැ.

ඔහු මේ දවස්වල දරුණු උරහිස් වේදනාවකින් පෙලෙනවා. මේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරිලා නිසා වහාම ප්‍රතිකාර ගන්නත් ඔහු තීරණය කරනවා. ඒ අනුව අනිල් ජර්මනිය බලා පිටත් වීමට නියමිතයි. ඔහු මීට කලින් වළලුකරෙහි හටගත් වේදනාවකටත් මේ ආකාරයටම ප්‍රතිකාර ගත්තා. මෙවර ප්‍රතිකාර ගන්නෙත් ඒ වෛද්‍යවරයාගෙන්මයි කියලත් අනිල් පවසා තිබුණා.

අනිල් මෑතකදි රඟපෑවේ ‘ඒක් ලඩිකී කෝ දේබාතෝ ඈසා ලගා කියන චිත්‍රපටය. ඔහු එහි ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වී සිටියදී තමයි මේ ආබාධයට මුහුණ දෙන්නේ.

අනිල් කපූර් සිය දියණිය සෝනම් කපූර් සමඟ තවමත් කිසිදු චිත්‍රපටයකට සම්බන්ධ වී නැහැ. ඉදිරියේ දී අනිල් සහ දියණිය සෝනම් එක්ව රඟපාන අලුත්ම සිනමාපටයක් නිර්මාණය වීමටත් නියමිතයිලු. මේ නිසා අනිල් කපූර් තමන්ගේ වේදනාවට ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න තීරණය කරලා තිබෙනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close