
ලංකාවේ ටෙලි ෆීල්ඩ් එකේ කාලෙන් කාලෙට විවිධ චරිත මතු වෙනවා. ඒ විදියට මතුවෙන චරිත සමහර වෙලාවට සදාකාලිකවම තමන්ගෙ තියෙන ටැලන්ට් එකත් එක්ක ගේමක් ගහගෙන ෆීල්ඩ් එකේ වැඩක් පලක් කරගෙන ඉන්නවා. තවත් සමහරු ඉන්නවා ඉතින් ෆුල් අන්දොස්. ෆීල්ඩ් එකට ආවට වඩා ඉක්මනට යන්න වෙනවා. වැලේ වැල් නෑ. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ කාලයක් තිස්සෙම ෆීල්ඩ් එකේ ගේමක් ගහගෙන ඉන්න චරිතයක් තමයි චාමර කියන්නේ. චාමර මේ වෙනකොට ටෙලි Drama වල විතරක් නෙවෙයි ෆිල්ම් වලටත් සෙට් වෙලා වැඩක් පෙන්නපු කොල්ලෙක්. මේ දවස් වල නම් ඉතින් ලෙසටම චාමරව ටීවී එකේ පේන්න පටන් අරන් තියෙන්නේ. මොකද චාමරගේ Teledrama තුනක් දැන් චැනල් තුනක යනවා. Teledrama බලන අයට නං බ්ලැක්මේල්, හතේ කල්ලිය, සුසුමක ඉම කියන ඕන එකක් බැලුවොත් චාමරගෙ Acting පාර බලාගන්න එක ඒ හැටි අමාරු වෙන්නේ නෑ. කොහොමහරි ඉතින් එක කාලයක් තියනවා චාමරගෙ Drama බලාගන්න හම්බෙන්නෙම නෑ. තවත් කාලයක් තියෙනවා එක දිගට යන්නෙම චාමරගේ Drama. ඒකට හේතුව විදියට නං චාමර කියන්නේ කරපු Drama එක දිගටම නතර වෙලා තිබිලා ඔක්කොම එකපාරට Telecast වෙන්න පටන් ගත්තම ඉතිං එහෙම වෙනවා කියලා. ඒත් ඉතිං එහෙම වුණා කියලා වැඩක් නෑ මිනිස්සුන්ට කැරකෙන පැත්තට කැරකෙන්න වෙනවා. කොච්චර කොහොම මොන දේවල් කරනවා කියලා හිතන් හිටියත් ඒ දේවල් වෙන්නේ නැත්තං වැඩක් නෑනෙ. ඔන්න ඉතින් දැන් චාමරටත් වෙලා තියෙන්නේ ඒක. චාමර දැන් වැල්ලවත්තේ අන්නාසි විකුණනවලු. හැබැයි ඉතින් ඒක කාටවත් හිනා වෙන්න කාරණාවක්වත් මදිපුංචිකමක්වත් නෙමෙයි. ඒත් ඉතිං වැඩක් කරද්දි හැමදේම දැන ගන්නත් එපාය. චාමරට නං වෙලා තියෙන්නේ තියෙන්නේ ටෝක් එකේ පොඩි අවුලක්.
දවසක් චාමර වැල්ලවත්තේ බීච් එකේ අන්නාසි විකුණ විකුණ ඉන්නකොට බීච් එකට ආපු කට්ටියක් චාමරගේ අන්නාසි ගැන අහලා තියෙනවා. චාමරට පුළුවන් විදියට අතින් පයින් අරහෙන් මෙහෙන් අන්නාසිවල ගාන ගැන කිව්වත් ආපු අයට නම් ඒ කිසිදෙයක් තේරිලා නෑ. මොකද ඒ අය Tamil නිසා. අන්තිමට ඉතින් උනේ ඒ අයගෙන් චාමර පිස්සෙක් කියලා බැනුම් අහගත්ත එකයි. ඒ බැනුම් අහන එකත් ඉතින් ලේසි නෑ. මොකද අන්නාසි බේසමත් ඔලුවේ තියාගෙන එපාය ඒ කියන දේවල් අහගන්න. කොහොමද කියන්නකො ඉතිං ඒ වෙලාවට තියෙන සැප. සැප කනේ. එහෙම දෙයක් වෙලාම ඉතින් බලන්න ඕන. කොහොම හරි චාමර මේ වගේ අන්නාසි කේස් එකක් නිසා බැනුම් ඇහුවේ සුසුමක එම ටෙලියේ කරන Character එකක් නිසා. සීන් එකට සෙට් එකට කතාකරන කම් තමයි පැත්තකට වෙලා චාමර අන්නාසි බේසම තියාගෙන ඉඳලා තියෙන්නෙ. මේ කට්ටිය අන්නාසි ගන්න ඇවිල්ල තියෙන්නෙත් මෙන්න මේ වෙලාවෙදි. ඒ වෙලාවේදි මේගොල්ලෝ චාමරගේ අන්නාසි ගන්න අහනකොටම තමයි චාමරට ෂූට් එකට කතා කරලා තියෙන්නෙ. කොහොම උනත් අන්නාසි බේසම තියාගෙන හිටියේ ෂූට් එකට උනත් පදමට බැනුම් නම් ඇහුවේ ඇත්තටම.