Daily News

අන්තිම වෙනකන් ටාගට් නම් අතාරින්නේ නෑලු – ආලෝකා ධනංජනි




ගොඩක් දෙනෙක් ටෙලියක එහෙම act කරන්න try එකක් දෙනකොට ඒ සීන් එක කඩලා බිඳලා දාන්න ඕන තරම් අය ඉන්නවා. එතනදි කියන්න තියෙන ලේසිම දේ තමයි අපෝ ඔය ෆීල්ඩ් එක නම් ඒතරම් හොඳ එකක් නෙමේ ගියත් චරිතෙ සවුත්තු වෙන එක වෙන්නේ කියලා. එහෙමත් නැත්නම් කියන්නේ ගියාය කියලා ඉතින් ඉන්න එක නම් ලේසි වෙන්නේ නෑ වගේ කතා තමයි. මොකද කියන්නේ.. ඔන්න ඉතින් මේ කතන්දර අහගෙන තමයි ගොඩක් දෙනෙක් ෆීල්ඩ් එකට enter වෙන්නේ. ඉතින් මේ කතා අහගෙන එන නිළියොත් තනියමනං ඉතින් ෂූටින්වලට එන්නෙ නෑ. එන්නෙ අම්මත් එක්කම තමයි. ඒ වුණත් කිසිම ගාණක් නැතුව ෂූට් එකට එන අයත් ඉන්නවා . ඒ වගේ කෙනෙක් තමයි ආලෝකා ධනංජනි කියන්නේ. ආලෝකා කියන්නේ මේ ගැන නං වෙනම කතාවක්. අපි ඉපදුනේ තනියම නම්, තමන්ගෙ දේවල් තනියම කරගන්න පුලුවන් කමක් තියෙන්න ඕන කියලා. ඒ එක්කම තමයි අහන්න ඇහෙන්න තියෙන කතාවල හැටියට ආලෝකා කියන්නේ තමන් හරියට ඉන්නවා නම් කාගෙවත් කතා අහන්න වෙන්නෙත් නෑ වරදක් වෙන්නෙත් නෑ කියලා.
කොහොම වුනත් ආලෝකා මේ වෙනකොට හරි හරියට බරටම වැඩ. මේ දවස් වල film දෙකකටම සෙට්වෙලා ඉන්න ආලෝකා තවත් ටෙලි දෙකකටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි ලබන අගෝස්තුවේ වැඩ පටන් ගන්න තියෙන ෆිල්ම් එකටත් ආලෝකා සෙට් වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ . ආලෝකා මේ ෆීල්ඩ් එකට මුලින්ම සෙට් වුනේ TV commercialවලට ඉඳලා. ඊට පස්සේ සිරසේ අහස් මාලිගා ටෙලියටත් සම්බන්ධ වෙන්න චාන්ස් එක ලැබුනා. Film star එකේ හිටියා දැක්කා කියලා තවත් සමහරු කතා කරනවා කියලත් අලෝකා කියනවා. ඉතිං ආලෝකා ආපු විදියත් එච්චරම සුන්දර වුණේ නෑ. දුෂ්කර ගමනක තමයි ආලෝකා ඇවිල්ලා තියෙන්නේ. මොකද ආලෝකා ඉන්නේ හරිම දුෂ්කර ගමක. ආලෝකාම කියන විදියට ඒක මාවනැල්ල පැත්තෙ දුෂ්කර ගමක්ලු. මෙයාගේ කැමැත්ත තිබිලාත් තියෙන්නේ රංගනය පැත්තෙන් මොනව හරි කරන්නලු . ඒත් රංගනය කියන කිසිම දෙයක් සම්බන්ධයෙන් කිසිම තැනක් තිබුනේ නෑලු ආලෝකාගේ ගමේ ඉගෙන ගන්නවත්. ඒ උනාට ආලෝකාට ටාගට් එකක් තිබුණලු කවද හරි දවසක මේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහටම එනවා කියලා. ඒ හින්දා කිසිම වෙලාවක මෙයා ටාගට් නං අතහැරලා දැම්මේ නෑලු. ඊට පස්සේ සිරසෙ තිබ්බ ටී.වී.ඇඩ් එකට ඇප්ලිකේෂන් එකක් දැම්මාලු. එහෙමලු පන්දාහක් විතර ආව තරගෙන් අන්තිම දහ දෙනාට තේරුණේ. ඒ වෙලාවේ ඒ චාන්ස් එක අතෑරලා දැම්ම නං ආයෙ කවමදාවත් මෙයාට නිළියක් වෙන්න හම්බවෙන්නෙත් නෑලු. කොහොම වුනත් මෙයා අන්තිම වෙනකන් කිසිම දේක ටාගට් නම් අතාරින්නෙ නෑලු.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close