Daily News
Trending

අනංගයෙක් ඉන්නවා. ඒක ඇත්ත- විනූ සිරිවර්ධන




අලුත් වැඩ කටයුතු ගොඩකට අතගහලා ඉන්න නිසා විනූ මේ දවස්වල ටිකක් කාර්‍යබහුලයිලු.

හැබැයි ඉතිං එහෙමයි කියලා විනූගේ කිසිම වැඩක් අතරමග අතාරින්නේ නෑ. ඔක්කොම හරියටම කළමනාකරණය කරගන්න විනූ දන්නවා. ඒ රහස වෙන මොකක්වත් නෙමෙයි, විනූ වෙලාවට වැඩ කරන කෙනෙක්. ඉතිං ගොඩක් වැඩ කළමනාකරණය කරගන්න ඒ නිසා විනූට පුළුවන්.

” විනූ කුතුහලය ඇවිස්සෙන විදියට යම් යම් පින්තූර පළකරනවා. ඇත්තටම කවුද ඒ අනංගයා?” කියලා පහුගිය දවසක අහපු ප්‍රශ්නෙකට විනූ වහෙන්ඔරෝ නැතිව කෙලින් උත්තරයක් දීලා තිබුණා.

” ඒක කියන්න තවම හරි වෙලාව ආවෙ නැහැ. වෙලාව ආවම කියන්නම්කෝ. ඒත් අනංගයෙක් ඉන්නවා. ඒක ඇත්ත ”

විනූට මල් හීසරය විද්ද අනංගයා කවුද කියලා ඉස්සරහට අපිට දැනගන්න ලැබේවි.

විනූ කොහොමත් දැන් එන්න එන්න ලස්සන වෙනවා. ඒකටත් රහසක් තියෙනවා. ඒ ගැන සුදුවෙන්න කැමති අය දැනටමත් දන්නවා ඇති.

Tags
Show More
Close