
US Movie Exclusive from Starfriends.lk
Us සිනමාපටය ඇරඹෙන්නේ 80 දශකයේ දර්ශන පෙළකින්. ඉන්පසුව ඇමරිකාවේ සැන්ටා කෘස් වෙරළ තීරයේ තිබෙන රාත්‍රී සැණකෙළිය දර්ශනය වෙනවා. එම රූප රාමුවේ කළු ජාතික මවක් ,පියෙක් සහ දියණියක් රාත්‍රී සැණකෙළියේ විනෝදවන ආකාරය දැකගන්න පුළුවන්. කුඩා දියණිය ඇඩිලෙයිඩ් විල්සන්. ඇය ඉන්නේ කල්පනා ලෝකයක. සැණකෙළියේ තියෙන කිසිවක් ගැන අවධානයක් යොමු කරන්නේ නැති ඇය මවගෙන් සහ පියාගෙන් මිදී වෙරළ දෙසට ඇවිද යනවා. වෙරළේ සාදා තියෙන හොල්මන් ගුහාවට ඇය ඇවිද යන්නේ ඉබේටම වගේ. අඳුරු ගුහාවේ ඈතින් ඈතට යනවිට ඇය දර්පනවලින් පිරුණු කුටියකට ඇතුළු වෙනවා. එක්තරා තැනකදී දකින දෙයින් ඇය ගල් ගැසෙනවා.
80 දශකයේ අතීත සිදුවීම එතැනින් අවසන්. කතාව වර්තමානයට පැමිණෙනවා. ඇඩිලෙයිඩ් විල්සන් දැන් මවක්. ඇය තමන්ගේ සැමියා, දියණිය සහ පුතණුවන් සමඟ විවේකය ගත කරන්න කිසියම් ප්‍රදේශයකට පැමිණෙනවා. ඔවුන් නවාතැන් ගන්නා ප්‍රදේශයට සැන්ටා කෘස් වෙරළ ආසන්න නිසාම ඇඩිලෙයිඩ්ගේ සැමියාට ඕන වෙනවා පවුලේ සියලු දෙනා සමඟ සැන්ටා කෘස් වෙරළට යන්න. නමුත් ඇඩිලෙයිඩ් විල්සන් ඊට විරුද්ධ වෙනවා. ඇයට ඒ වෙරළ එක්ක තියෙන්නේ බිහිසුණු යටගියාවක්. නමුත් සැමියාගේ බලකිරීම නිසාම අකමැත්තෙන් වුවත් ඇය ඒ ගමන යන්න තීරණය කරනවා. ඔවුන් වෙරළට ගිය දා රාත්‍රියේ සියලු දේ කණපිට පෙරළන ආකාරයේ සිදුවීමක් සිදුවෙනවා. විදුලි එළියක් හෝ නැති ඒ අඳුරු රාත්‍රියේ ඔවුන්ගේ දොරකඩට අමුත්තන් සිව් දෙනෙක් පැමිණෙනවා. ජීවිතයත් මරණයත් අතර සටන එතැනින් ඇරඹෙනවා. ඇඩිලෙයිඩ් විල්සන්ගේ අඳුරු යටගියාව නැවතත් පොළොවෙන් උඩට එනවා.
බැලූ බැල්මට මෙය බිහිසුණු අත්දැකීමක් සහිත සිනමාපටයක් වුවත් මෙම සෑම සිදුවීමක්ම යටි අරුත් බොහොමයක් සමග ගැටගැහී තිබෙනවා. මේ තිරපිටපත ලියැවෙන්නේ විවිධ ආගමික,සමාජ අත්දැකීම් ගණනාවක් මුල් කරගනිමින්
මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා සේම තිර පිටපත් රචකයා වෙන්නෙත් Jordan Haworth Peele. Getout. මෙය ඕනෑම මට්ටමක ප්‍රේක්ෂකයකුට නරඹන්නට හැකි අයුරින් නිර්මාණය කර තිබෙන නිසා Lupita Nyong’oගේ රංගනයත් Michael Abels ගේ විශිෂ්ට සංගීතයත් විචාරකයන්ගේ පැසසුමට ලක්වී තිබෙනවා.
US Movie Exclusive from Starfriends.lk