
Dimanka Wellalage Exclusive from Starfriends.lk
කඳුළු, හොඳටම මාර්කට් කරන්න පුළුවන් කාලයක් තිබුණා. ඒ කාලෙන් හොඳටම වැඩ ගත්ත ගායකයෙක් තමයි දිමංක කියන්නේ. දිමංක ප්‍රසංග වේදිකාවට නැගලා කියපු හැම සින්දුවකම වගේ තිබුණේ විරහා අඳෝනාවක්. මේ වේදනාවට ආදරය කරපු තරුණ පරම්පරාවක් හිටියා. මේ නිසා දිමංක වෙල්ලාලගේ ඔහුගේ හැම නිර්මාණයක්ම ඒ ඉල්ලුමට අනුව සිදු කළා. එක කොටසක කැමැත්ත වෙනුවෙන් නිර්මාණ කරන්න ගිහින් දිමංක බහුතරයකගේ දෝෂදර්ශනයට පවා ලක් වුණා. අඬන සින්දුවලට සමාජයේ එක පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
එහෙම ජනප්‍රිය වුණ දිමංක, අද දවසේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය පසුබිම් ගායකයකු ද වනවා. ඒ වගේම ඔහු දැන් රසිකයින්ගේ ඉල්ලීමට සරිලන නිර්මාණ කරන්නේ නැහැ. තමන්ගේ කැමැත්තට අනුව නිර්මාණ කරන තරමට දිමංක ඉදිරියෙන් ඉන්නවා. ඔහු මොනවා කළත් ජනතාව ඒ නිර්මාණ වැළඳගන්නා බවත් දිමංක කියනවා.
සින්දු කිය කියා හිටියට විතරක් මදිනේ. දැන් දිමංකට විවාහයක් සිදුකර ගන්න වුණත් කාලේ හරි. විවාහය සම්බන්ධයෙන් පුවත් පත් සාකච්ඡාවකදි දිමංකගෙන් විමසා තිබුණ අතර ඔහු කියන්නේ ඒ ගැන දැන්ම මොනවත් කියන්න බැහැ කියලා. පසුව හැම දේම ප්‍රකාශ කරන් බවත් ඔහු කියා තිබුණා.
Dimanka Wellalage Exclusive from Starfriends.lk