
අජේ සහ කාජල් කියන්නේ බොලිවුඩ් සිනමාවේ සිටින ඉතාම හොඳ පවුල් ජීවිතයක් ගත කරන යුවලක්. මේ දෙන්නට Nysa සහ Yug කියලා දුවෙක් සහ පුතෙක් ඉන්නවා.
කොයිතරම් ආදරයෙන් වෙලිලා එක පොකුරක් වගේ ජීවත් වුණත් කාජල්ගේ පවුලටත් වෙන් වෙන්න සිදු වුණා. ඒ ඔවුන්ගේ ලොකු දරුවා වන Nysa ගේ උසස් අධ්‍යාපන කටයුතු නිසා. නයිසා වැඩි දුර අධ්‍යාපනය ලබන්නේ සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයක. ඉතින් නයිසාට එහේ නතර වෙන්න තැනක් ලැබුණත් අම්මලා තාත්තලාට ස්කූල් බෝර්ඩිං හවුස්වල ඉන්න බැහැනේ. මේ නිසා අජේ කාජල් දෙන්නට සිංගප්පූරුවෙන් අපාර්ට්මන්ට් එකක් ගන්න සිදු වෙනවා.
දෙපාරක් නොහිතාම මේ ආදරණීය දෙමව්පියන් තමන්ගේ දියණිය වෙනුවෙන් සිංගප්පූරුවෙන් අපාර්ට්මන්ට් එකක් මිළදී ගන්නවා. දැන් ඕනම වෙලාවක කට්ටියටම සිංගප්පූරු ගිහින් එකම ගෙදරක ජීවත් වෙන්න පුළුවන්.
දෙමාපියන් දරුවන්ට නොදෙන දෙයක් නැහැ. සල්ලි තියෙන දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයකුත් නැහැ. අජේ කාජල් ඔප්පු කළේ ඒ බව නේද?