Daily News
Trending

අගමැතිගේ වැරදි සුබපැතුම නිසා අභිෂේකා දුකෙන්.




අභිෂේකා විමලවීර කියන්නේ ගායනයෙන් වීශාරදවරියක්. පසුගිය කාලයේ ඈ ගායනා කල නිස්සාර සංසාර ගීතය නිසා බොහෝ දෙනෙක් ඈ ගැන කතාකලා. හැබැයි අද ඇය බොහොම කණගාටුවෙන් තමයි ඉන්නේ. ඒ ගැන අභිෂේකා ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් දාලා තිබුණා.

ප්‍රවීණ කලා ශිල්පී සුනිල් විමලවීර කියන්නේ අභිෂේකගේ තාත්තා. ඔහු වසරකට කලින් මියගියා. සුනිල් මහත්මයගේ උපන්දිනය යෙදිලා තිබුණේ අගෝස්තු 23 වෙනිදා. හැබැයි මේ කිසිම දෙයක් දන්නෙ නැහැ වගේ උපන්දිනයට සුභපතලා අගමැතිතුමා සුභපැතුමක් එවලා තියෙනවලු. මේ නිසා අභිෂේකා ඉන්නේ දුකෙන්. ඇය කියලා තිබුණේ කියන්න දෙයක් හිතාගන්න බැහැ කියලත් ලංකාව කියන්නේ අරුම පුදුම රටක් කියලයි.

Tags
Show More
Close