
හිත ගිය තැනනේ මාළිගාව. ආදරයට කොහෙද සීමා මායිම්. අද ඊයේ නෙමෙයි අතීතයේ පටන්ම ඒක එහෙමයි. චිත්‍රාව එක්ටැම් ගේක සිරකරලත් ආදරයෙන් වහං කරගන්න බැරිවුණා කියලා තමයි අපේ ඉතිහාස කතන්දරේ තියෙන්නේ. මේඝ ධූතයා අතේ හරි ප්‍රේම පණිවුඩය යවාගන්න පෙම්වතුන් පෙම්වතියන් හරි ශූරයි. ඉතිං මේ කියන්න හදන්නේ එහෙම සීමා මායිම් නැති හතරමායිම් හොය හොයා කල්මරපු නැති ප්‍රේම කතන්දර ගැන.
අක්කලා මල්ලිලා ප්‍රේම කතා දැන් දැන් ටිකක් විතර දැකගන්න ලැබෙනවා. ඒත් සාමාන්‍යයෙන් වෙන්නේ කෙල්ල කොල්ලට වඩා ලාබාල වීමනේ. ඒවා අදාල නෑ හිත ගියොත් ගියාමයි. අන්න එහෙම අක්කලා ළඟ හිත නතරවුණ ෆේමස් මල්ලිලා ගැන තමයි අපි ඔයාලට කියන්න හදන්නේ.
ඔයාලා දන්නවනේ මෑතකදී විවාහවුණ රාජකීය කපල් එක හැරී සහ මේගන් අතර පරතරය ගැන. මේගන් හැරීට වඩා අවුරුදු තුනක් වැඩිමහල්. අපි කියන්නේ වයස පරතරය අවුරුදු දහයට ආසන්න හෝ ඊටත් වැඩි පෙම්වතියන්ව බිරින්දෑවරු කරගත්ත ෆේමස් මල්ලිලා ගැන.
මුලින්ම ප්‍රංශ ජනාධිපති ගැන කියන්නම්. ඔහු එම්මානුවෙල් මැක්‍රොන්. ඔහු විවාහ වෙන්නේ කුඩා කාලයේ ඔහුට ඉගැන්වූ ගුරුවරියක සමඟ. ඇය බ්‍රිජට් මැක්‍රොන්. මේ දෙදෙනා විවාහ වනවිට එම්මානුවෙල්ට අවුරුදු 30යි. බ්‍රිජට් ට අවුරුදු 54යි. ඒ කියන්නේ බ්‍රිජට් එම්මානුවෙල් ට වඩා අවුරුදු විසි හතරකින් වැඩිමහල් වෙනවා.
හොලිවුඩ් නළු ඇෂ්ටන් කුචර් සහ හොලිවුඩ් නිළි ඩෙමී මුවර් ගැන ඔයාලා අහලා ඇති. එයාලා විවාහ වෙන්නේ 2005 වසරෙදී. විවාහ වන විට ඇෂ්ටන්ට අවුරුදු 27යි. ඩෙමී මුවර් ට අවුරුදු 43යි. හැබැයි ඉතිං හිත ගිය තැන හදාගත්ත මේ දෙන්නගේ මාළිගාව 2013 දී සුනුවිසුනු වෙලා ගියා.
බොලිවුඩ් නළු සයිෆ් අලිඛාන් සහ අම්රිතා සිං අතර වයස පරතරය අවුරුදු 12ක්. දැන් නම් සයිෆ් විවාහ වෙලා ඉන්නේ කරීනා එක්ක. ඒත් ඊට කලින් ඔහු අම්රිතා එක්ක විවාහ වෙලා හිටියා. සයිෆ් විවාහ වුණේ අවුරුදු 21දි. එතකොට අම්රිතාට අවුරුදු 33ක්. කොහොම හරි මේ ආදර අන්දරෙත් අවුරුදු 13කින් නිමා වුණා.
හොලිවුඩ් සුපිරි නළු ඇලන් ටේලර් සහ සෑම් ටේලර් අතර සෑහෙන විශාල වයස පරතරයක් තිබුණා. විවාහ වනවිට ඇලන් ටේලර් අවුරුදු 22ක කොල්ලෙක්. එතකොට සෑම් ට අවුරුදු 45ක්. ඇය චිත්‍රපට නිෂ්පාදිකාවක් බවත් කියන්න ඕනේ.
ජනප්‍රිය ගායිකා මැඩෝනා සහ ගයි රිචී අතර වයස පරතරය ඔයාලා දන්නවද ? මේ දෙන්නා විවාහ වෙන්නේ 2000 වසරෙදී. එතකොට ගයි 32 හැවිරිදි වියේ පසුවුණා. මැඩෝනාගේ වයස ඒ වෙද්දි අවුරුදු 42ක්. මේ විවාහයටත් අවුරුදු 8කට වඩා දුරක් යාගන්න බැරිවුණා. වෙන්වීමෙදී ගයිගෙන් මැඩෝනාට බ්‍රිතාන්‍ය පවුන් 60කට ආසන්න මුදලක් ලැබුණා.
ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විවාහ වෙන්නෙත් අක්කා කෙනෙක් එක්ක. ඇය නමින් ඇංජලී. ඔවුන් විවාහ වෙන්නේ 1995දි. ඒ වෙද්දි සචින් ට අවුරුදු 22යි. ඇංජලීන්ට 28යි.
ඇයි තව අයිශ්වර්යා අභිෂේක්ට වඩා අවුරුදු දෙකකින් වැඩිමහලුනේ. දකුණු ඉන්දීය නළු ධනුෂ් සහ ඔහුගේ බිරිය අයිශ්වර්යාත් මේ වගේමයි. ඒ කියන්නේ ධනුෂ්ගේ අයිශ්වර්යාත් වසර දෙකකින් වැඩිමහල්.
ඉතිං අපට කියන්න තියෙන්නේ ආදරයට වයස නම් බාධාවක් නෙමෙයි කියලා. ඒත් එකිනෙකාගේ අදහස් නම් අනිවාර්‍ය බාධාවක්. ඒකනේ මේ විවාහ අති බහුතරය මේ වෙද්දි වෙනතක් බලාගෙන තියෙන්නේ.